2025 වනවිට පෙට්‍රෝල්, ඩීසල් කාර් තහනම් කිරීමට සැරසෙන නෝර්වේ රාජ්‍යය

නෝර්වේ කියනකොට අපිට මතක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයේ කපුකමකින් බිහිවුනු කුප්‍රකට සටන් විරාම ගිවිසුමත්, ඒ සමග කළ එළි බැස්ස එරික් සොල්හයිම් මහත්තයත්. ඒ නිසා නෝර්වේ රාජ්‍යය ගැන ලංකාවේ අයට එතරම් යහපත් හැඟීම් නෑ.

ඔබ නොදන්නවා වුනාට නෝර්වේ කියන්නේ ලෝකයේ අති දියුණුම රාජ්‍යයන් ගෙන් එකක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 66,000ක් වන නෝර්වේ රාජ්‍යය ඉතාම දියුණු කාර්මික රටක්. පෙට්‍රෝලියම් නිශ්පාදන හා ස්වභාවික ගෑස් නිශ්පාදනයෙන් වැඩිම ආදායමක් උපයන නෝර්වේ ලෝකයේ පුනර්ජනනීය බළශක්ති නිශ්පාදනයේත් මුල්තැනක් ගන්නවා. උතුරු මුහුදේ හා බාර්නට්ස් මුහුදේ විශාල තෙල් ආකර වල අයිතිය ඇති නෝර්වේ රාජ්‍යෑඉ විදුලි බලයෙන් 99% නිපදවන්නේ ජලවිදුලියෙන් කිව්වොත් ඔබ පුදුම වනු ඇති.

විශාල තෙල් ආකර අයිති, වැඩිම ආදායමක් ෆොසිල ඉන්ධන අපනයනයෙන් උපයන නෝර්වේ රාජ්‍යය දැන වසර කිහිපයක සිටම සිය පුරවැසියන් ඉලෙක්ට්‍රික් වාහන කෙරෙහි යොමු කරනවා. මින් එක් පියවරක් වන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නා විට රජය ලබාදෙන විශාල සහනාධාර ප්‍රමාණයයි. මේ නිසා ඉතා අඩු මිළකට ඉලෙක්ට්‍රික් වාහනය ගැනීමේ හැකියාව නෝර්වේ පුරවැසියන්ට ලැබී තිබෙනවා. ඒ වගේම විශාල රටක්වන නෝර්වේ රාජ්‍යය පුරාම ඉලෙක්ට්‍රික් වාහන බැටරි චාර්ජ් කල හැකි චාර්ජිං ස්ටේෂන් ඇති කිරීම සඳහා විශාල ව්‍යාපෘතියක් එරට රජය පටන් අරගෙන තියෙනවා.


නෝර්වේ වැසියන් ඉලෙක්ට්‍රික් වාහන වෙත යොමුකිරීමේ ව්‍යාපෘතියේ අලුත්ම පියවර වන්නේ 2025 වනවිට පෙට්‍රෝල් හා ඩීසල් කාර් අලෙවිය නතරකර දැමීම.

__________________________________________________________________________


Creative Commons License  

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com

GOOGLE +   : About Me

FACEBOOK : www.facebook.com/terence.arachchi __________________________________________________________________________

Comments