ජූනි 23 තිරගත වන Independence Day: Resurgence



ජූනි 23/24 ලොව පුරා තිරගත වීමට නියමිත  Independence Day : Resurgence  1996දී තිරගත වුනු ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ චිත්‍රපටයේ දෙවන කොටසයි.

1996 Independence Day චිත්‍රපටයේදී රුදුරු පිටසක්වලයින්ගේ දැවැන්ත මව් යානය විනාශ විනාශ කිරීම සඳහා සුපිරි පරිගණක විද්‍යාඥයෙකු හා හැකර්වරයෙකු වන ඩේවිඩ් ලෙවින්සන් (ජෙෆ් ගෝල්ඩ්බ්ලම්) හා අභ්‍යවකාශගාමියෙකු වීමට සිහින මවන එක්සත් ජනපද මැරීන් හමුදා නියමුවෙකු වන කපිතාන් ස්ටීවන් හිලර් (විල් ස්මිත්) එක්ව සැලස්මක් සකසයි.

1946දී අමෙරිකාවට කඩාවැටී, සුප්‍රකට ඒරියා-51 ප්‍රදේශයේ රහසිගත පර්යේෂණාගාරයක තිබූ පිටසක්වලයින්ගේ කුඩා ප්‍රහාරක යානාවක් රැගෙන මව් යානයට රහසින් ඇතුලුවේ. ප්‍රහාරක යානය මව් යානය හා සම්බන්ධවූ පසු ඩේවිඩ් ලෙවින්සන් මව් යානයේ පරිගණක පද්ධතියට  වෛරසයක් මුදා හරින අතර එයින් යානාව ප්‍රහාර වලින් ආරකශාවන අදෘශ්‍ය බාධකය (force field) තාවකාලිකව බිඳවැටී එයට ප්‍රාහර එල්ලකිරීඅම්ට ගුවන් හමුදා යානා වලට හැකියාව ලැබෙයි. එමෙන්ම මොවුන් දෙදෙනා කුඩා න්‍යස්ඨික බෝම්බයක්ද රැගෙන යන අතර එය පුපුරුවා යන්නට සැළසුම් කොට මව් යානයෙන් පැනගනී. මව් යානය විනාශකර දැමිමෙන් පසු පිටසක්වලයින් පලා යන අතර මානව වර්ගයාගේ සමූලඝාතනය වලක්වා ගන්නට හැකිවේ.



Independence Day : Resurgence (2016)

1996දී පිටසක්වල ආක්‍රමණිකයින්ගේ පරාජයෙන් පසු දැඩිලෙස විනාශයට පත් මානව වර්ගයා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඒකාබද්ධව අනාගතයේ සිදුවිය හැකි තවත් ආක්‍රමණයකට මුහුණදීම සඳහා "Earth Space Defense (ESD)" නමින් දැවැන්ත ආරකශක සැලැස්මක් ගොඩනගයි. පිටසක්වලයින්ගේ යානා වලින් ලැබූ තාක්ශණය යොදාගෙන පෘථිවි සඳමත, රියා ලෙස හැඳින්වෙන සෙනසුරුගේ විශාලම සඳෙහි මෙන්ම පෘථිවිය වටා ඇති දැවැන්ත අභ්‍යවකාශ මධ්‍යස්ථානවලද පිටසක්වලයින්ගේ ආක්‍රමණයට මුහුණුදීම සඳහා විශාල සේනාංක රඳවා ඇත.

මානව වර්ගයා බලාපොරොත්තුවෙන් සිටි දෙවන පිටසක්වල ප්‍රහාරය සඳහා සිතාගත නොහැකි තරමේ විශාල පිටසක්වල සේනාංකයක් පෘථිවියට පැමිණේ. පිටසක්වලයින්ගේ තාක්ශණය ප්‍රති-ඉංජිනේරුකරණය කොට අතිනවීන ප්‍රහාරක යානා හා බිහිසුණු ප්‍රහාරක අවි මානව වර්ගයා විසින් නිපදවාගෙන ඇතත්, මානව වර්ගයාගෙන් වරක් පරාජය ලැබූ පිටසක්වලයින්ද ගතවූ වසර 20 තුල මානව වර්ගයා මුලුමනින්ම විනාශකිරීම සඳහා අවශ්‍ය අවි හා සේනා බලය රැස් කරගෙන පැමිණ ඇත.

මේ බිහිසුණු අධිතාක්ශණ ප්‍රහාරය හමුවේ පෘථිවියේ මානව ශිෂ්ඨාචාරය විනාශයෙන් ගලවාගැනීමට හැකිවේද?







__________________________________________________________________________


Creative Commons License  

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .  


__________________________________________________________________________

Comments