රුසියාව දේශීයව නිර්මාණය කරන ලද මගී ගුවන්යානයක් හඳුන්වාදෙයි - එය එයාබස් හා බෝයිං යානාව වලට වඩා කාර්යක්ශමයි!!

රුසියානු අග්‍රාමාත්‍ය ඩිමීට්‍රි මෙඩ්වෙඩෙෆ්, සයිබීරියාවේ ඉක්රුට් ගුවන්යානා කර්මාන්තශාලාවේදී  MC-21 යානය ලොවට හඳුන්වාදෙමින්



මෙතෙක් කල් ඇමරිකානු බෝයිං හා යුරෝපීය එයාබස් සමාගම් අත්පත් කරගෙන සිටි කෙටි හා මධ්‍ය දුර මගී ගුවන්යානා වෙළඳපොලට නව තරඟකරුවෙකු පැමිණ සිටී. ඒ රුසියානු ගගනවිද්‍යා කර්මාන්තයේ පුරෝගාමී සමාගම් වන ඉක්රුට් හා යැකොව්ලෙෆ් සමාගම් නිර්මාණය කොට රුසියානු සයිබීරියා ගගනවිද්‍යා කර්මාන්ත පුරයකදී නිශ්පාදනය වන ඉක්රුට් MC-21 යානයයි.

රුසියානු භාශාවෙන් Магистральный Самолёт 21 века හෙවත් 21වැනි ශතවර්ශයේ ගුවන්යානය (MC 21) ලෙස නම්කොට ඇති මෙම යානයේ පූර්වගාමියා වන්නේ යැකලොෆ් ගුවන්යානා සමාගම මූලාකෘතියක් (prototype) ලෙස නිර්මාණය කල ‍Yakovlev YAK-42 මගී ගුවන්යානයයි. මෙම යානයට සමානකම් දක්වන එයාබස් A320 යානයකට වඩා 15% බරින් අඩු MC-21 යානය එයාබස් A320 යානයකට වඩා 15% ඉන්ධන කාර්යක්ශමතාවයකින් යුතුවන අතර එයාබස් A320 යානයකට වඩා 20%ක් අඩු මෙහෙයුම් පිරිවැයකින්ද යුතු වනවා.

යානයේ බර අඩුකොට ඉන්ධන කාර්යක්ශමතාවය වැඩිකිරීම සඳහා රුසියානු ගගනු ගගනවිද්‍යා ඉංජිනේරුවන් මෙම යානයේ කොටස් විශාල ප්‍රමාණයක් වානේවලට වඩා ශක්තිමත් මෙන්ම බරින් ඉතා අඩු කාබන්-කොම්පොසයිට් නම් නවීන කෘත්‍රිම අමුද්‍රව්‍යය යොදාගෙන තිබෙනවා.

අතිනවීන පරිගණක හා ඩිජිටල් තිරවලින් සමන්විත යානයේ නියමුකුටියේ ප්‍රහාරක යානාවල මෙන් උපක්‍රමයද ලබාදී තිබෙන්නේ නියමුවාට යානය මෙහෙයවීමේදී දෑස් ඩිජිටල් තිර වලට යොමුකිරීමේ අවශ්‍යතාවය අවමකිරීම සඳහයි. එන්ජින් 2කින් සමන්විත MC-21 යානයට රුසියාවේ නිශ්පාදිත Aviadvigatel PD-14 එන්ජින් ලබාදී ඇති අතර් විදෙස් ගැනුම්කරුවන්ට අවශ්‍ය නම් අමෙරිකාවේ ප්‍රැට් ඇන්ඩ් විට්නි සමාගමේ PW1000G එන්ජින් ලබාදීම සඳහා එම සමාගම සමගද ගිවිසුමකට එළඹ තිබෙනවා.

මගීන් 180ක් ගෙනයා හැකි MC-21-300  හා මගීන් 212 ගෙනයා හැකි MC-21 400 යනුවෙන් මාදිලි දෙකකින් වෙළඳපොලට ඒමට නියමිත මෙම යානා 175ක් සඳහා දැනටමත් ඇණවුම් ලැබී තිබෙනවා. 2016 වසර අවසන් වීමට ප්‍රථම MC-21 යානා 50 ඇණවුම් කොට ඇති රුසියානු ජාතික ගුවන්සේවය වන ඒරොෆ්ලොට් සමාගමට එම යානා 50න් කොටසක් නිපදවා අවසන් කිරීමට ඉක්රුට් සමාගම බලාපොරොත්තු වනවා.





__________________________________________________________________________

Creative Commons License  

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/ 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments