ගුවන් තොටුපොලවලට ලඟදීම ලැබෙන ඩ්‍රෝන් කිලර් මැෂිම





කුඩා ඩ්‍රෝන යානාවල මිල අඩුවෙමින්, භාවිතය වේගයෙන් ඉහල යද්දී මෙවැනි යානා ගුවන් තොටුපොල බළධාරීන්ට මෙන්ම ආරක්ශක අංශවලටත් හිසරදයක් වෙන්න පටන් අරගෙන. කුඩා ඩ්‍රෝන යානා මෙහෙයවන්නන් ඒවා ගුවන් තොටුපොලක් අසල පියාසර කිරීමෙන් ගුවන්තොටුපොලට යන එන යානා වලට විශාල තර්ජනයක්. කොතරම් විශාල වුවත් කුරුල්ලෙකු ගැටීම පවා අණතුරක් ඇති කිරීමට හේතුවන මගී ජෙට් යානා ඩ්‍රෝන යානාවල ගැටීමෙන් මගී යානා කඩා වැටීමට හෝ ගුවන් ගමන අවලංගු කොට ආපසු ගොඩබැසීමට සිදුවිය හැකියි. දැනටමත් අනවසර ප්‍රදේශවල ඩ්‍රෝන පියාසර කිරීම විශාල දඩ හා සිර දඬුවම් ලැබීමට හෙඋඉතුවුනත් නොසැළකිළිමත් ඩ්‍රෝන හිමියෙකු නිසා විශාල ජීවිත හානියක් වීමට ඇති ඉඩකඩ ගැන ගුවන් බලධාරීන් සිටින්නේ දැඩි අවධානයකින්.

එමෙන්ම කුඩා ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රහාර එල්ල කිරීමට වැනි ත්‍රස්ත කල්ලි දැනටමත් සැළසුම් කරලා තියෙන නිසා එවැනි ප්‍රහාර වලින් ආරක්ශාවීමට එම ඩ්‍රෝන අහසේදීම ක්‍රියාවිරහිත කල හැකි උපක්‍රම අත්හදා බැලෙමින් පවතිනවා.

දැන් Enterprise Control Systems, Blighter Surveillance Systems and Chess Dynamic කියන බ්‍රිතාන්‍ය සමාගම් තුනක් ඒකාබද්ධ වෙලා රේඩාර් ජෑමින් හෙවත් ප්‍රභල රේඩාර් තරංග ආධාරයෙන් ඩ්‍රෝනයක ඉලෙක්ට්‍රොණික උපකරණවල ක්‍රියාකාරිත්වය අඩපන කරලා එය කඩාවැටීමට සැලැස්විය හැකි උපකරණයක් නිපදවලා. මේ දිනවල ඒ ඩ්‍රෝන නාෂක රේඩාර් පද්ධතිය අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් අධිකාරිය තෝරාගත් ගුවන් තොටුපොලවල අත්හදාබැලීම සඳහා යොදවලා තියෙනවා.

මේ පද්ධතියට කුඩා ඩ්‍රෝනයක් වුවත් කිලෝමීටර් 10ක් ඈතින් හඳුනාගෙන තත්පර 30ක් ඇතුලට එහි පාලන පද්ධතිය අඩපණ කිරීමේ හැකියාව තිබෙනවා බව හෙලිවෙලා තියෙනවා.



__________________________________________________________________________

Creative Commons License  
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .  

POSTED BY : Terence Kahapola Arachchi  .  AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com .  
GOOGLE +   : About Me  .  
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments