Indian Space Shuttle | අභ්‍යවකාශ තාක්ෂණයේ දැවැන්තයෙකු වන්නට වෙරදරන ඉන්දියාව කුඩා අභ්‍යවකාශ ෂටලයක් අත්හදා බලයි!


පසුගිය මැයි 22වැනිදා ඉන්දියාව අභ්‍යවකාශ ගතකල හැකි කුඩා ෂටල් යානා සතු රටවල් දෙකෙන් එකක් බවට පත්වුනා. ඒ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය, RVL-TD හෙවත් Reusable Launch Vehicle—Technology Demonstrator ලෙසින් හඳුන්වන අත්හදා බැලීමේ කටයුතු සඳහා නිර්මාණය කල කුඩා ෂටල් යානයවක් සාර්ථකව කක්ශගත කිරීමෙන්.

මෙට්‍රික් ටොන් 1.5ක් බරැති, දිගින් මීටර් 16ක් වන මෙම කුඩා ෂටලය අභ්‍යවකාශ ගතකරන ලද්දේ ඉන්දියාවේ නිශ්පාදිත HS9 ලෙස හැඳින්වෙන ඝණ ඉන්ධන රොකට් බූස්ටරයක ආධාරයෙන්. කිලෝමීටර් 65 ඉහල අහසට එසවුන ෂටලය ස්වයංක්‍රීයව රොකට් බූස්ටරයෙන් වෙන්වී නැවත ගුවන්යානයක් ලෙස පොලවට ලඟාවුනා. කෙසේ වෙතත් මෙම යානයට ගුවන් යානයක්සේ ධාවන පථයකට ගොඩබැස්වීමේ හැකියාව ලබාදී නොතුබුන නිසා එය ඉන්දියානු සාගරයට ගොඩබෑ අතර ඉන්දියානු නාවික හමුදාව විසින් එය ආරක්ශිතව ගොඩබිමට ගෙනවා.



ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසන අන්දමට මෙම අත්හදා බැලීමේ පියාසැරියේ අරමුණු කිහිපයක් වනවා.

1] අධික වේගයෙන් වායුගෝලයට ඇතුලුවන ෂටල් යානයේ තාපබාධක තාක්ශණයේ සාර්ථකත්වය අත්හදා බැලීම එක් අරමුණක් වුනා. ඉන්දියානු ෂටලය වායුගෝලයට ඇතුලුවන විට එය ශබ්දයේ වේගය මෙන් 5ගුණයක වේගයෙන් පියාසර කරමින් සිටි අතර එම අධික වේගයේදී ෂටලයේ තාපබාධක සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ෂටල් යානය ආරක්ශාකලා

2] රොකට්ටුවෙන් මිදී ආපසු පියාසැරියේදී යානය මෙහෙයවන රොබෝ ගුවන් නියමු තාක්ශණය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම - මෙහිදී රොබෝ නියමුවා ඉතා සාර්ථකව යානය ඉන්දියානු සාගරයට පතිතවන තෙක් නිවැරදිව පියාසර කොට තිබෙනවා.

3] යානයේ මගපෙන්වීමේ හා පියාසැරි පාලන පද්ධතිවල (navigation and flight control systems) ක්‍රියාකාරිත්වය මැන බැලීම.

4] අභ්‍යවකාශ මෙහෙයුමකින් පසු නැවත වායුගෝලයට ඇතුලුවන යානාවක ගමන් මග නිර්ණය කරමින් එය ගොඩබැස්වීමේ ස්ථානයට නිවැරදිව යොමුකිරීමේ tracking and guidance තාක්ශණය ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම 

මෙම ඉන්දියානු පර්යේෂණ ෂටල් මෙහෙයුමේ අවසාන ඉලක්කය වන්නේ නැවත භාවිතාකල හැකි අභ්‍යවකාශ ශටල් යානයක් නිර්මාණය කරගැනීමයි. එම ඉලක්කය ලඟාකර ගැනීම සඳහා අවශ්‍ය මූලික තාක්ශණය විශාල ප්‍රමාණයක් ඉන්දියාව සතු බව මෙම සාර්ථක පියාසැරියෙන් තහවුරු වන බව විචාරකයින් පවසනවා.



__________________________________________________________________________


Creative Commons License  

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/.

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com  


GOOGLE +   : About Me  

FACEBOOK : www.facebook.com/terence.arachchi  __________________________________________________________________________

Comments