එක වෙඩිල්ලෙන් ISIS මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මරාදමා ජීවිත සියගණනක් බේරාගත් SAS කොමාන්ඩෝ ස්නයිපර් වෙඩික්කරුවා!


මීට දින කිහිපයකට පෙර ලිබියාවේ ආරක්ශක හමුදාවන්ට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිලිබඳව ඔත්තුවක් ලැබී ලිබියානු හමුදා මාර්ග බාධක යොදා ISIS මරාගෙන මැරෙන බෝම්බ රිය එන මාර්ගය රැකගෙන සිටියා. අධික වේගයෙන් පැමිණි සුදු පැහැති පැරණි මර්සෙඩීඩ් බෙන්ස් කාරයක ත්‍රස්තවාදීන් දෙදෙනා පැමිණෙමින් සිටි අතර රැක සිටි ලිබියානු හමුදා වෙඩි වරුසාවක් එල්ලකලද බෝම්බ පුරවාගත් මර්සඩීස් බෙන්ස් රිය පැදවූ ත්‍රස්තවාදියා හා ඉදිරිපස අසුනේ සිටි ඔහුගේ සහයකයා ඉන් ගැලවී රථය ඉලක්කය වෙත පදවාගෙන ගියා.



ISIS නාශක යුද්ධයේදී ලිබියාවේ සහයට පැමිණ සිටින බ්‍රිතාන්‍ය සුපිරි SAS කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ස්නයිපර් භටයෙකු ඇතුලු කුඩා කණ්ඩායමක් ලිබියානු හමුදාව රැකවල්ලා සිටි ස්ථානයට කිලෝමීටරයක් පමණ ඈතින් ප්‍රහාරය නිරික්ශණය කරමින් සිටියා.

ලිබියානු හමුදා ඉලක්කය වරද්දාගත් බව සැනින් අවබෝධකරගත් SAS ස්නයිපර් වෙඩික්කරුවා වේගයෙන් ඇදීගෙන යන මර්සඩීස් බෝම්බරථය පැදවූ ISIS ත්‍රස්තවාදියාගේ හිස ඉලක්ක කොට වෙඩිල්ලක් මුදා හැරියා. ත්‍රස්තයාගේ හිස පසාකරගෙන ගිය උණ්ඩය ඉදිරිපස අසුනේ සිටි ඔහුගේ ත්‍රස්ත සගයාගේ ගෙලද සිදුරු කල අතර එක උණ්ඩයෙන් ඔවුන් දෙදෙනාම මිය ගියා.

පසුව කල පරීක්ශාවකදී ත්‍රස්තයින් දෙදෙනා පදවාගෙන ගිය රථයේ දැවැන්ත බෝම්බයක් තිබී හමුවූ අතර ත්‍රස්තයින් දෙදෙනා මරා නොදැමුනා නම් ඔවුන්ගේ ඉලක්කය වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සිය ගණනක් අහිංසක ජීවිත වැනසෙන මහා විනාශයක් වන්නට ඉඩතිබුණා.




_________________________________________________________________

Creative Commons License

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments