INNOVATIONS : නොමේරූ ළදරුවෙකු සාර්ථකව පෝෂණය කල හැකි කෘත්‍රිම දරුගැබ!


  • පලමු ළදරුවන් නොමේරූ (premature) බැටළු පැටවුන් 6දෙනෙක්
  • "බයෝ බෑග්" ලෙස හැඳින්වෙන මෙම කෘත්‍රිම දරුගැබ් තුල මෙම බැටළු පැටවුන් හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
  • බැටළු පැටවුන්ගේ හදවත්, පෙණහලු හා වෙනත් ඉන්ද්‍රියයන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර ඔවුන් කකුල් සොලවමින් දෑස් විවරකලා. මේවා දරුගැබක් තුල වැඩෙන ළදරුවෙකුගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්.
  • දින 30ක්ම මෙම බැටළු පැටවුන් මෙම බයෝබෑග් කෘත්‍රිම දරුගැබ් තුල හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
ජීවී දරුගැබක ඇති ඇමිනියෝටික් ද්‍රාවණය නම් ද්‍රාවණයට සමාන ද්‍රවයකින් පිරුණු ප්ලාස්ටික් බෑගයක් වන මෙම කෘත්‍රිම දරුගැබ නොමේරූ ළදරුවෙකුට මවගේ දරුගැබෙන් ලැබෙන සියලුදෑ ලැබෙන ලෙස සකස්කොට තිබෙනවා. මෙම දරුගැබ පිටත ඇති "gas exchanger" උපකරණයකට සම්බන්ධකොට ඇති අතර එමගින් දරුවාගේ පෙකණියට සම්බන්ධ කොට ඇති බටය හරහා එන දරුවාගේ කාබන් ඩයොක්සයිඩ් වැඩි අපිරිසිදු ලේ පිරිසිදු කර ආපසු දරුවාටම ලබාදෙනවා.

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහල විසින් මෙම පර්යේෂණ මෙහෙයවන අතර මෙම පර්යේෂණවල ප්‍රධානියා ලෙස කටයුතු කරන ළමාරෝග විශේෂඥ වෛද්‍ය ඇලන් ෆ්ලේක් පවසන අන්දමට සති 23 සිට සති 28 දක්වා කාළයේ අඩු වයසින් උපදින නොමේරූ ළදරුවන්ට නිරෝගී දරුවන් ලෙස වැඩීමට අවශ්‍ය මවගේ දරුගැබේ තත්වයන් කෘත්‍රිමව නිර්මාණය කිරීම මෙම පර්යේෂණ වල අරමුණයි.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments