ALIENS & EXTRA TERRESTRIALS : පිටසක්වලයින් පැමිණියහොත් අපගේ අවසානය නියතයි - ඒලියන් චිත්‍රපටමාලාවේ අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට්


ඒලියන් චිත්‍රපටමාලාවේ හා ලබන මැයි 19 දොරට වඩින ඒලියන් : කොවනන්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් මෑතකදී පුවත්පතක් හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පිටසක්වල ආක්‍රමණයන් ගැන කතාකලා.

රිඩ්ලි පවසන අන්දමට ආලෝක වර්ශ ගණනාවක් ගෙවා පෘථිවියට පැමිණෙන්නට හැකි තාක්ෂණයක් බිහිකරගත් පිටසක්වල ජීවයකට පෘථිවිය/එහි ජීවය විනාශකර දැමීම මොහොතකින් සිදුකල හැකියි.

රිඩ්ලිගේ අලුත්ම ඒලියන්: කොවනන්ට් චිත්‍රපටයේ විද්‍යා හා තාක්ෂණ උපදේශණ කටයුතු සඳහා විශේෂඥ මණ්ඩලයක් ඇති අතර රිඩ්ලි පවසන අන්දමට ඔවුන්ගේ මතය වන්නේ අතිශය දියුණු පිටසක්වල ශිෂ්ඨාචාර 100-200ක් පමණ අපට නුදුරු විශ්වයේ තිබිය හැකියි. ඔවුන් බොහෝ දෙනෙකු කුරිරු ගණයේ පිටසක්වලයින් විය හැකි බවත්, ඔවුන්ගේ අරමුණු කුමක් වුවත් ඔවුන්ගේ තාක්ෂණය හා ගැටීමේ කිසිදු හැකියාවක් මානවයින්ට නැති බවත්ය.

මෙවැනිම අදහසක් තාරකා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ද මෑතකදී ඉදිරිපත් කලා. ආචාර්ය හෝකින්ස් පවසන අන්දමට බොහෝ දියුණු පිටසක්වලයින් ඉතාමත් කුරිරු විය හැකි අතර ඔවුන්ගේ පැමිණීම මානව වර්ගයාගේ නියත විනාශය බව පවසනවා.

කෙසේවෙතත් පිටසක්වල ජීවය සෙවීමේ ව්‍යාපෘතිය වන ව්‍යාපෘතියේ විද්‍යාඥයෙකු වන සෙත් ෂොස්ටැක්, පිටසක්වල ශිෂ්ඨාචාර 100-200 ඇස්තමේන්තුව නිවැරදි නොවන බව පවසනවා. ඔහු පවසන අන්දමට  ක්ෂීරපථය චක්‍රවාටයේ පමණක් බිලියන ගණනක් තාරකා වටා ඇති ග්‍රහලෝකවල ජීවය හටගැනීමේ සම්භාවිතාවය ඉහල වන අතර ඉන් සමහර ග්‍රහලෝකවල තාක්ෂණය දියුණුකරගත් ශිෂ්ඨාචාර ඇතිවිය හැකියි. මෙවැනි ශිෂ්ඨාචාර තමන්ගේ තාක්ෂණය හෝ ස්වභාවික ව්‍යසනයන් නිසා විනාශවී නොගිය බවට උපකළ්පණය කලහොත්, මේ මොහොත වන විටත් අතිශය දියුණු තාක්ෂණයක් බිහිකරගත් ශිෂ්ඨාචාර 1000ක් වත් ක්ෂීරපථයේ තිබිය හැකියි.

RELATED;

 link
එහෙත් මෙවැනි දියුණු ශිෂ්ඨාචාරයකට වුවද අතිවිශාල ක්ෂීරපථයේ කොනක තිබෙන අබැටක් වන් පෘථිවිය සොයාගැනීම දුශ්කරවිය හැකි අතර, පෘථිවිය සොයාගෙන පැමිණීමට විශේෂිත හේතුවක්ද තිබිය නොහැකි බව පවසනවා. විද්‍යා ප්‍රබන්ධවල තිබෙන ආකාරයට,  පෘථිවියෙහි සම්පත්, ජලය හෝ ආහාර සොයාගෙන මෙහි පැමිණීම තේරුමක් නැති ව්‍යායමයක් බවත්, පෘථිවියේ ඇති සියලුම දෑ, කෝටි ගණනක් ග්‍රහලෝක, ග්‍රහක හෝ චන්ද්‍රයන්ගෙන් ලබාගත හැකි බවත් ඔහු පවසනවා.

කරුණු එසේ වුනත්, සෙත් ෂොස්ටැක්, රිඩ්ලි ස්කොට් හා එකඟවන එක් කරුණක් තිබෙනවා. එනම් මොනයම්ම හේතුවකින් දියුණු පිටසක්වලයින් පෘථිවියට පැමිණියහොත් මානව වර්ගයාගේ විනාශය නියත බවයි.



Ring of Fire | ගිණි වළල්ල

සුපිරි පිටසක්වල යානයක් පෘථිවියට පැමිණේ.......පෘථිවියේ ඉරණම කුමක්ද?........ 

ඔවුන් කුමක් සඳහා, කොහි සිට මෙහි පැමිණියේද?............... 

පෘථිවියේ මානවයා පැමිණියේ පිටසක්වල මානව ලෝකයකින්ද?.................

අපගේ පැරණි වෛරක්කාරයින් අප සොයා මෙහි පැමිණියේද?


 ring of fire








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments