ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි ශ්‍රමිකයන් නිසා වෛද්‍යවරුන්ට, මූල්‍ය විශේෂඥයින්ට මෙන්ම නීතිඥයින්ටත් රැකියා අහිමිවීමේ අවදානමක්

පසුගිය දශකයක පමණ කාළයක සිට අප නොදැනුවත්වම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් බොහෝ වෘත්තිකයින්ගේ රැකියා සොරා ගමින් සිටිනවා. බැංකු හා මූල්‍ය ආයතනවල, රක්ෂණ සමාගම් වල, කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල භාවිතා කරණ මෘදුකාංග බොහොමයක අද වනවිට කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ක්‍රියාත්මක වනවා. 

ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත් අගැයිමේදී, රක්ෂණ වන්දි අයදුම්පත් අගැයිමේදී මෙන්ම රක්ෂණ වංචා හෙලිදරව් කරගැනීමේදී මෙන්ම කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් කොටස් මිළදීගැනීමේදී හා විකිණීමේදී භාවිතා කරණ මෘදුකාංග බොහොමයක තීන්දු ගන්නේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් බව ඒවා භාවිතා කරන්නන්ට පවා අවබෝධයක් නෑ.  එහෙත් එම වැඩස්ටහන් නිසා අඩු වෘත්තිකයින් ප්‍රමාණයකින් වැඩි වැඩ කොටසක් කරගැනීමට හැකිවෙනවා. මෙමගින් රැකියා නොලැබෙන වෘත්තිකයින් ගණන අති විශාලයි. 

උදාහරණයක් විධියට ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන බඳවාගැනීම් සීමා කරලා කලින් වෘත්තීය බැංකුකරුවෙන් හෝ මූල්‍ය විශේෂඥයින් විසින් ගත් තීන්දු බොහොමයක් මෘදුකාංග වලට පවරලා. අද ලංකාවේ බොහෝ පෞද්ගලික බැංකුවල ණය අයදුම් පත් අගැයිමට වගේම වෙනත් මූල්‍යමය තීන්දු තීරණ අරගන්නේ "Expert Systems" නමින් හඳුන්වන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග බව   රහසක් නොවේ.

බටහිර රටවල වෛද්‍ය සේවාවලද කෘත්‍රිම බුද්ධි සහයකයින් රෝග නිධාන හඳුනාගැනීම, වෛද්‍යවාර්තා කියවීම / සකස්කිරීම වගේම X කිරණ ඡායාරූප, ස්කෑන් වාර්තා කියවීමටත් යොදා ගන්නවා. වියදම් මෙන්ම මිනිස් වැරදි (human error) මගින් ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීමටත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ඉවහල් වනවා. 

මෙහිදී සිදුවන්නේ සියලුම වෛද්‍යවරුන් වෙනුවට කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ආදේශවීම නොව, අති විශාල වෛද්‍යවරු සංඛ්‍යාවක් යෙදැවීමට වෙනුවට වීශේෂඥයින් කිහිපදෙනෙකු යොදවා ඔවුන්ගේ රාජකාරි වේගවත් කිරීමට කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සහයකයින් යෙදැවීමයි. ඒ අනුව රෝහල් හා වෛද්‍යායතන අඩු වෛද්‍යවරුන් සංඛයාවකින් අවශ්‍ය සියලු සේවා ලබා ගන්නවා. මෙය බැංකු, මූල්‍ය, රක්ෂණ හා කොටස් වෙළඳපොල ව්‍යාපරවල සිදුවන ක්‍රියාවලියට සමානයි.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments