ARTIFICIAL INTELLIGENCE : රොබෝ කාර් එකක් අණතුරක් සිදුකලොත් නඩු දාන්නේ කාටද?































නුදුරු අනාගතයේදීම රොබෝ කාර් මහමග දුවනු ඇත. රියදුරු අසුනේ කිසිවෙකුත් නොමැති රථවාහන මහපාරේ එහා මෙහා යාමේදී අණතුරක් සිදුවහොත්, වගකීම කාටද? නඩු දැමිය යුත්තේ රොබෝවාටද? රොබෝ රථයේ අයිතිකරුටද නැතිනම් රොබෝ කාරය නිපදවූ සමාගමටද?

කාටවත් උත්තරයක් නැති උභතෝකෝටිකයකි මේ ගැටලුව. මිනිස් රියැදුරෙක් රථය ගෙනගියේ නම්, රියදුරාගේ වැරැද්දක් නැතත් අත් අඩංගුවට ගෙන නඩු දැමිය හැකිය. නිවැරදිකරු බව තීරණය කරන්නේ උසාවියයි. එහෙත් රොබෝ රථයක් කහ ඉරක් උඩ මනුස්සයෙකුව යට කල හොත්, වරද කාගේද?

රොබෝකාර් මහ පාරට එන්නට පෙර විසඳාගත යුතු ගැටලුවකි මෙය. කොතරම් පරීක්ෂණ කරත්, සැතපුම් ලක්ෂ ගණනින් ටෙස්ට් ඩ්‍රයිව් ගියත්, මිනිස් මොළයෙන් තැනූ යන්ත්‍ර සර්වසම්පූර්ණැත. ඒවාට වැරදීම් සිදුවෙයි. එවිට නැතිවන, අබාධිත වන මිනිස් ජීවිත වලට වගකියන්නේ කවුද?





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments