GOOGLE : ගූගල් I/O 2017 තාක්ෂණ සමුලුව


අප්‍රේල් හා මැයි මාස, සිලිකන් නිම්නයේ සමාගම් සිය අනාගත සැළසුම් හා අලුත් තාක්ෂණයන් ඉදිරිපත් කරන කාළය. නොබෝදා ෆේස්බුක් F8 සම්මන්ත්‍රණය අවසන්වුනා. මේ මොහොත වනවිටත් මයික්‍රොසොෆ්ට් සමාගම සිය "Build 2017" සම්මන්ත්‍රණය පවත්වමින් සිටිනවා. ඒ වගේම එන්විඩියා සමාගම සිය "NVIDIA GPU Technology Conference" පවත්වමින් සිටිනවා.

මේ මාසයේ වාර්ෂික සම්මන්ත්‍රණය පවත්වන අනෙක් තාක්ෂණික යෝධයා වෙන්නේ ගූගල් සමාගමයි. වාර්ෂික ගූගල් මෘදුකාංග නිර්මාණකරුවන්, දෘඩාංඩ නිර්මාණකරුවන් හා ව්‍යාපාරික සහකාර සමාගම් හමුවෙන "Google I/O 2017" සම්මන්ත්‍රණය මැයි 17-19 දිනවල කැලිෆෝනියාවේ මවුන්ටන් විව් හිදී පැවැත්වෙනවා.

මෙහිදී ගූගල් සමාගම සිය අලුත්ම මෘදුකාංග හා සැළසුම් ඉදිරිපත් කරනු ඇති අතර, ඒ අතරින් වඩාත්ම කතාබහට බඳුන්වී ඇති නිර්මාණ වන්නේ;

ඇන්ඩ්‍රොයිඩ් O - ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය නිළ වශයෙන් එලිදැක්වීම හා එයට ලබාදෙන නාමය හෙලි කිරීම.

ගූගල් හෝම් - පසුගිය වසරේ එලි දැක්වුනු ගූගල් හෝම් කෘත්‍රිම බුද්ධි ස්මාර්ට් හෝම් සහයක වැඩසටහනේ අලුත්ම සංස්කරණය එලිදැක්වීම

ගූගල් ඇසිස්ටන්ට් - ඇපල් සිරී හා මයික්‍රොසොෆ්ට් කෝර්ටානා හා සමාන ගූගල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධි සහය වැඩසටහනේ නව සංස්කරණය එලි දැක්වීම.

ගූගල් ඩේඩ්‍රීම් - ගූගල් වර්චුවල් රියැලිටි වැඩසටහන එලිදැක්වීම

Android Wear 2.0 - ගූගල් ඇන්ඩ්‍රොයිඩ් අත් ඔරලෝසු හා වෙනත් ස්මාර්ට් උපාංග පාදක වැඩසටහන

RELATED

FACEBOOK F8 - SMARTPHONES : ස්මාර්ට්ෆෝන් නැති ලොවක් තනන්නට සැරසෙන සකර්බර්ග්

MICROSOFT BUILD 2017 - FUTURE OF WORK : ඔබ වැසිකිලියට යන වාර ගණන පවා ඔබගේ ප්‍රධානියාට දැනගත හැකි සේවක නිරීක්ෂණ තාක්ෂණ.

NVIDIA GPU TECHNOLOGY CONFERENCE - SELF DRIVING TECHNOLOGY : ටොයෝටා සමාගම සිය ස්වයං ධාවන වාහන සඳහා NVIDIA DRIVE PX 2 තාක්ෂණය යොදාගනී!




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments