CYBER SECURITY : World Cybersecurity Conference එකේදී Hacking Demo එකක් කල 5වැනි පංතියේ කොළුවා!


රූබන් පෝල් 11 හැවිරිදි කොළු ගැටයෙකි. ඉන්දියානු සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව ඇමරිකාවේ උපන් රූබන් හැබෑ හපනෙකි. කොතරම් හපනෙක්ද යත්, ඔහු ලෝකයේ සයිබර් විශේෂඥයින්ගේ ප්‍රධාන සමුළුවක්වූ ග්ලෝබල් සයිබර් සෙකියුරිටි කොන්ෆරන්ස් නම් සමුළුවේ දේශනයක් කරනට ආරාධනය ලැබූවෙකි. 

මීට පෙරද ඔහු සයිබර් ආරක්ෂණය හා හැකින් පිලිබඳ විශේෂඥ හමුවලදී ඔහුගේ හැකියාවන් වලින් විශේෂඥයින් විස්මයට පත්කොට තිබේ. 

එහෙත් ඔහු තවමත් ඉගෙන ගන්නේ පස්වැනි පංතියේය. නෙදර්ලන්තයේ පැවති මෙම සමුළුවට ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වූ රූබන්, අන්තර්ජාල පහසුකම් සහිත ටෙඩී බෙයාර් බෝනික්කෙකු ආධාරයෙන් පැමිණ සිටි සයිබර් සෙකුරිටි විශේෂඥයින්ගේ ජංගම දුරකථනව වලට ඇතුලුවූයේ ඒවායේ බ්ලූටූත් පහසුකම, ටෙඩි බෙයාර්ගේ අන්තර්ජාල සබඳතාවය හරහා හැක් කිරීමෙනි.

රූබන් මෙම හැකින් ඩෙමෝවෙන් පෙන්වන්නට උත්සහ කලේ Internet of Thing (IOT) හෙවත් පරිගණක නොවන, එහෙත් අන්තර්ජාලයට සම්බන්ධකල හැකි උපාංග (අන්තර්ජාලයට සම්බන්ධකල රූපවාහිණී, ළමා සෙල්ලම් බඩු, නිවෙස් වල විදුලි උපාංග ආදිය ) වුවද භාවිතා කරගෙන දක්ෂ හැකර් වරයෙකුට ඕනෑම පරිගණක ජාලයකට ඇතුලුවීමේ හැකියාව ඇතැයි පෙන්වීමයි.

රූබන්ගේ පියා මනෝ පෝල්ද පරිගණක විශේෂඥයෙකු වන අතර ඔහු පවසන අන්දමට රූබන්ගේ විශිෂ්ඨ පරිගණක හැකියාවන් වයස අවුරුදු 6 සිට පෙන්වන්නට ගත් බවයි.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments