ELECTRIC CAR TECHNOLOGY : ටෙස්ලා සමග ඉලෙක්ට්‍රික් යුද්ධයකට සැරසෙන වොක්ස්වැගන්






















හර්බර්ට් ඩියෙස් වොක්ස්වැගන් සමාගමේ වෙළඳසන්නාම ප්‍රධානියා. මැතකදී ජර්මනියේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ඩියේස් කියාසිටියේ ටෙස්ලා සමාගම සිදුකරන ඕනෑම නිර්මාණයක් ඊට වඩා හොඳින් කිරීමට ලෝකයේ විශාලතම මෝටර් සමාගම වන වොක්ස්වැගන් සමාගමට හැකි බවයි.

ටෙස්ලා කියන්නේ හොඳ ප්‍රතිවාදියෙක්, කලින් මිළ අධික, සුඛෝපබෝගී වෙළඳපොල පමණක් ඉලක්ක කරගත් ඔවුන් දැන් අඩුමිල වෙළඳපොලත් ඉලක්ක කරගන්න පටන් අරගෙන. ඒත් අපේ හිතනවා අපගේ "ID Concept" ඉලෙක්ට්‍රික් වාහන ව්‍යාපෘතිය දියත් කලවිට ටෙස්ලාගේ අධිවේගී ගමන පසුබෑමකට ලක් කරන්නට.

VW ID Concept ව්‍යාපෘතිය දියත් කරලා තියෙන්නේ දීර්ඝ කාලීන සැලැස්මකට, වාහන මාදිලි ගණනාවක් එකම පාදමකින් නිර්මාණය කරන්නට. වොක්ස්වැගන් විතරක් නෙමෙයි VW සමාගමට අයිති අව්ඩි සන්නාමයටත් භාවිතා කරන්න පුලුවන් විධියට. දැනටමත් ID Concept එකේ සුනම්‍යබව (flexibility) පෙන්වන්න 

ID Concept Car - දොර 4 කාර් රථය
ID Concept Buzz - වෑන් රථය
ID Cross - ජීප් රථය

කියලා වාහන මාදිලි 3ක් නිර්මාණය කරලා තියෙනවා.

ID Concept - 4 Door Car
ID Concept Buzz - Passenger Van









































ID Cross - SUV
වොක්ස්වැගන් සැළස්ම වන්නේ 2025 වනවිට ඉලෙක්ට්‍රික් වාහන මිලියනයක අලෙවියක් ඇතිකර ගැනීමටයි. කොහොම වුනත් මේ මාදිලි තවමත් වෙළඳපොලට ඉදිරිපත්කරන තරමට දියුණුකරලා අවසන් නෑ. තවත් වසරක් දෙකක් ඒ සඳහා යයි. 

මේ අතරේ ටෙල්සා ඔවුන්ගේ "ගිගා ෆැක්ටරි" සංකල්පය ඉදිරියට ගෙන යමින් තියෙනවා. ගිගා ෆැක්ටරි කියන්නේ අතිවිශාල කර්මාණ්තශාලා ජාලයක්. ඒ කියන්නේ ටෙස්ලා කාර් මාදිලියක් හදන්න ඕනෑ සියලුම උපාංග එක තැනක හැදීමේ ව්‍යාපෘතියක්. අවසන් වෙමින් පවතින ගිගා ෆැක්ටරි ගොඩ නැගීමේ ව්‍යාපෘතිය නිමවුනාම සතියකට ටෙස්ලා කාර් 5000ක් හදන්න පුලුවන් වෙනවා කියලයි ඊලෝන් මස්ක් කියන්නේ.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments