GAMING : Destiny 2


බන්ගී විඩියෝ ක්‍රීඩා නිර්මාණ සමාගම මගින් නිර්මාණය කොට, ඇක්ටිවිෂන් සමාගම මගින් බෙදාහරින නවතම පරිගණක ක්‍රීඩාව ඩෙස්ටිනි 2 පරිගණක ක්‍රීඩාවයි. ඉතා ජනප්‍රියව තිබූ ඩෙස්ටිනි ක්‍රීඩාවේ නව මානයක් ලෙස හඳුන්වාදෙන ඩෙස්ටිනි 2හි තේමාව හ කථාවස්තුවේ එතරම් වෙනසක් වී නැතත් නව තාක්ෂණය හා මුසුවූ අලුත් අවිආයුධ, අලුත් තාක්ෂණයන් හා මුල් කතාව හා තදින් වෙලී ඇති මාදිලියක් ලබාදී ඇත.

Destiny කථාවස්තුව

නුදුරු අනාගතයේ දිනක, සුරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන ගෝලාකාර අපූරු වස්තුවක් නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයින්ට හැකිවූවා. මෙම ගෝලය සුරග්‍රහ මණ්ඪලයේ සෑම ග්‍රහලෝකයක් අසලම කෙටි කලක් රැඳී සිටි අතර එම කාලයේදී එම ග්‍රහලෝකවල පෘෂ්ඨය මෙන්ම වායුගෝලයද දැවැන්ත වෙනසකට බඳුන්වූවා. 

නමින් හඳුන්වන මෙම මහා පරිමාණ ග්‍රහලෝක පරිවර්තනය සිදුකරන්නේ කුමන වස්තුවක්දැයි සොයා බලන්නට ගවේෂණ යානාවක් යවන්නට තීරණය වූ අතර ඒ වන විට ගෝලය අඟහරු ග්‍රහයා කරමින් සිටියා. මෙම පලමු ගවේෂණය සඳහා ඒරීස් නම් අභ්‍යවකාශ යානයක් සූදානම් කල අතර ජේකොබ්, මිහෙලෝවා හා ක්වායෝ යන ඇමරිකන්, රුසියන් හා චීන අභ්‍යවකාශගාමීන් එක්වූවා.

අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධියක් මගින් මෙහෙයවනු ලබන මෙම ගෝලයට ට්‍රැවලර් හෙවත් සැරිසරන්නා යන නම පටබැඳුනු අතර එහි කෘත්‍රිම බුද්ධිය මානව සංහතිය හා පැහැදී එය සතු සුපිරි තාක්ෂණයන් මිනිසාට ලබාදුන්නා. මේ තාක්ෂණයෙන් මිනිස් වර්ගයා ඉතා කෙටි කලකින් ඉමහත් දියුණුවක් ලැබූ අතර සැරිසරන්නා විසින් ටෙරාෆෝමින් කොට මිනිස් දිවියට හිතකර ලෙස වෙනස්කල අඟහරු, සිකුරු ග්‍රහයන් වල මානවයන් පදිංචිව දැවැන්ත නගර ගොඩනගා ගත්තා. ග්‍රහක වළල්ලේ ලක්ෂ ගණනක් ග්‍රහකවල් ඇති වටිනා අමුද්‍රව්‍ය මෙම නගර ගොඩනැගීමට යොදාගත් අතර ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යා හැකි අභ්‍යවකාශ යානා තනාගෙන ඈග විශ්වය පවා ගවේශණය කරන්නට මානවයාට හැකිවූවා. අවුරුදු 700ක් කල් පැවතුනු මේ සෞභාග්‍යමත් යුගය මිනිස්වර්ගයාගේ "golden age" හෙවත් ස්වර්ණමය යුගය ලෙස හැඳින්වුනා.

මේ ස්වර්ණයම යුගය අවසන්වූයේ ඩාක්නස් හෙවත් අඳුර ලෙසින් හැඳින්වුනු, සැරිසරන්නා ගේ පැරණි සතුරා වූ තවත් අතිශය බලසම්පන්න කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් සෞරග්‍රහමණ්ඩලය ආක්‍රමණය කිරීමෙන්. මෙය සැරිසරන්නා හා එය විසින් නිර්මාණය කල ස්වර්ණමය යුගය විනාශකල අතර එය තම සහචරයින් ලෙස ගෙන දරුණු පිටසක්වලයින් සෞරග්‍රහ මණ්ඩළය පීරමින් මිනිස් වර්ගයා සමූලඝාතනය කරන්නට වෙර දැරුවා.

Destiny 1, Destiny 2 ක්‍රීඩා දෙකටම පාදක වන්නේ මිනිස් වර්ගයා සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා කරන දරුණු අරගලයයි.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments