GLOBAL CYBER ATTACK : දැනට දන්න තොරතුරු [UPDATE]


දැනට ලැබෙන තොරතුරු අනුව රටවල් 99ක පරිගණක ප්‍රහාරයට ලක්වි ඇත. බ්‍රිතාන්‍යය, රුසියාව, ඇමරිකාව, චීනය ඇතුලු රටවල පරිගණක ප්‍රහාරයට ලක්වී ඇත.

ප්‍රහාරය ආරම්භ වන්නේ ඊමේල් පණිවුඩයක් විවෘත කිරීමේදීය

Ransom:Win32.WannaCrypt නම් වෛරසය මගින් ප්‍රහාරය දියත් කරන බව සොයාගෙන ඇත. මෙය පැමිණෙන්නේ ඊමේල් පණිවුඩයක් හරහාය. වෛරසය එක් පරිගණකයකට ඇතුලුවූ වහාම එම ජාලයේ අනෙක් පරිගණකවලට පැතිරෙයි. ඇමරිකාවේ National Security Agency (NSA) යෙන් සොරාගත් Eternal Blue නම් සයිබර් ප්‍රහාර මෘදුකාංගයක් උපයෝගිකරගෙන ප්‍රහාරය ජාලගත පරිගණකවල පැතිරීම වේගවත් කොට ඇතැයි සැක කෙරේ.

Shadow Brokers නම් කණ්ඩායමක් මෙම ප්‍රහාරයට වගකිව යුතු බව පැවසේ. මොවුන්ගේ ප්‍රහාරයෙන් පරිගණකයේ සියලු දත්ත කේත බවට හැරී (encrypted) භාවිතා කල නොහැකි ලෙස සැකසේ. දත්ත නිදහස් කිරීමට ඩොලර් 300ක කප්පම් මුදලක් බිට්කොයින් ඩිජිටල් මුදල්වලින් ගෙවිය යුතුය

ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව (National Health Service) බොහෝ සෙයින් අඩාලව ඇත. ශල්‍යකර්ම විශාල ප්‍රමාණයක් නවතා දැමීමට හා රෝගීන් ආපසු හරවා යැවීමටද සිදුවී ඇත.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments