GOOGLE : Google Lens; ගූගල් I/O සමුළුවේ පලමුවෙනි දිනයේ හඳුන්වා දුන් හොඳම වැඩකෑල්ල


ඊයේ කැලිෆෝනියාවේ මවුන්ටන් විව් හිදී, ගූගල් සමාගමේ වැදගත්ම වාර්ෂික තාක්ෂණ සමුලුව ඇරඹුනා. මෙහි පලමු දිනයේ ප්‍රධාන කතාව කලේ ගූගල් ප්‍රධාන විධායක සූන්දර් පිචායි විසින්. මෙහිදී සුන්දර්, අලුත් ගූගල් නිර්මාණ හා සේවා ගණනාවක් හඳුන්වාදුන් අතර ඒවා පිලිබඳ වැඩි විස්තර පසුව ඒ ඒ තාක්ෂණ හා සේවාවල ප්‍රධානීන් විසින් කරනු ලැබුවා.

ඊයේ හඳුන්වාදුන් ගූගල් නව නිර්මාණවලින් මාගේ සිත්ගත් හොඳම වැඩ කෑල්ල වන්නේ ගූගල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධි සහයක වැඩසටහනට අලුතින්ම එකතුකල "Google Lens"  හැකියාවයි.

සූන්දර් ගූගල් ලෙන්ස් හඳුන්වාදුන්නේ "vision based computing capabilities" හෙවත් පරිගණක දෘෂ්ඨිය පාදක කරගත් පරිගණකමය හැකියාවන් සමූහයක් ලෙසයි. මෙම හැකියාවන් සමූහය තුලින් ඔබ දකිනා දේවල්, ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් කැමරාව හරහා දැක, ඒවා නිවැරදිව තේරුම් ගෙන, ඒ අනුව ඔබට යම් යම් ක්‍රියාකාරකම් කිරීම සඳහා උපකාර කිරීමට ගූගල් ලෙන්ස්ට පුලුවන්

ගූගල් ලෙන්ස් මෘදුකාංගයේ මේ අපූරු හැකියාවන් ආදර්ශණ (demonstrations) තුනක් මගින් පෙන්වා දෙන්නට සුන්දර් පිචායි සිය කතාවේදී ක්‍රියාකල අතර එම අපූරු හැකියාවන් දැක් කුල්මත්වූ රැස්ව සිටියවුන් ඔල්වරසන් දුන්නා.

Demo 1 - ඕනෑම දෙයක් හඳුනාගැනීමේ හැකියාව

ඔබ විනෝද ගමනක් යනවිට ඔබට දකින්නට ලැබෙන ලස්සන මලක් හෝ පැලයක නම දැනගන්න ආසාවුනු අවස්ථා ඕනෑ තරම් තිබෙනවානෙ. දැන් ගූගල් ලෙන්ස් එකට පුලුවන් ඒක දිහා බලලා, ඒ මල. පැලෑටිය හෝ වස්තුව මොකක්දැයි ඔබට කියන්න.

Demo 2 - අකුරු කියවා තේරුම් ගැනීමේ හැකියාව.

සුන්දර් මේක ඩෙමෝ කලේ ස්මාර්ට් ෆෝනයක්, ඉන්ටර්නෙට් රවුටරයක ලේබලයේ ඇති පාස්වර්ඩ් එකට යොමුකරලා. 

තත්පර කිහිපයකින් පාස්වර්ඩ් එක කියවා ඒක භාවිතා කරලා ඒ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්න ගූගල් ලෙන්ස් ඇති ෆෝනයකට පුලුවන් කියලා සුන්දර් පෙන්වා දුන්නා. ඊට පස්සේ ගූගල් ලෙන්ස් ගැන තව දුරටත් විස්තර කල වෙනත් අයෙක්, එයට විදෙස් භාශාවලින් ලියවුනු නාම පුවරුවක් හෝ දැන්වීමක් වුනත් තේරුම් අරගෙන පරිවර්තනය කරන්න පුලුවන් බව පෙන්වූවා.

වයිෆයි රවුටර් ලේබලයෙන් පාස්වර්ඩ් එක හඳුනාගෙන ඒක භාවිතා කරන ගූගල් ලෙන්ස්

Demo 3 - ව්‍යාපාරික ස්ථාන, ගොඩනැගිලි හඳුනාගැනීමේ හැකියාව

කැමරාව අවන්හලක නාම පුවරුවකට යොමු කලාම ඒකෙ නම, ඇඩ්‍රස් එක පමණක් නොවෙයි, එහි ඇති කෑම ජාති, මිළගණන් හා කලින් ආහර ගත් අය දීපු රිවිව්ස් පවා අන්තර්ජාලයෙන් සොයාගෙන ඔබට පෙන්වන්න ගූගල් ලෙන්ස් එකට පුලුවන්. ඒ වගේම ඔබ සිනමා ශාලාවක් පසුකරගෙන යනවානම් එහි පෙන්වන චිත්‍රපටයේ නමට කැමරාව එල්ල කරාම, චිත්‍රපටයේ හොඳනරක පිලිබඳ විචාරයක් වගේම එය තියෙන වෙනත් සිනමා ශාලා වගේම ඕනෑනම් ඒ මොහොතේම ටිකට් පතක් වෙන්කරවාගන්නත් පුලුවන්.

දැන් බලන්න සූන්දර් පිචායි, ගූගල් ලෙන්ස් එක විස්තර කරන ගූගල් I/O Keynote Speech එකෙන් උපුටාගත් කොටස.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments