OPERATING SYSTEMS : ගූගල් ෆියුෂියා - අලුත්ම අලුත් මොබයිල් OS එක

ගූගල් ෆියුෂියා සන්නාම සළකුණ - මෙහි වර්ණය ෆියුෂියා වර්ණයයි
ෆුයුෂියා කියන්නේ රතුපාටට හුරු දම්පාට මල් වර්ගයක්. මේ වර්ණ සංයෝගයට කියන්නෙත් ෆියුෂියා වර්ණය කියලා. මලක් හා පාටක් වුනු ෆියුෂියා නමින් දැන් මෙහෙයුම් පද්ධතියකුත් බිහිවෙමින් තියෙනවා. ඒ ගූගල් සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් විදියට.

ගූගල් සමාගමේ අනෙක් මෙහෙයුම් පද්ධති වන ක්‍රෝම් OS හා ඇන්ඩ්‍රොයිඩ් OS යන දෙකම බිහිකරලා තියෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන. ඒත් ෆියුෂියා OS එක ලියැවෙන්නේ C පරිගණක භාෂාව පාදක කරගත් මැජෙන්ටා කියලා මෙහෙයුම් පද්ධති පාදමකින් (OS Kernel).

ලිනක්ස් පාදම අතහැර දැමීමට හේතුව ලින්කස් පාදක කරගත් මෙහෙයුම් පදධතිවල දියුණුකිරීම සඳහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ වැඩිදියුණු කිරීම් සිදුවෙනතෙක් බලා සිටින්නට සිදුවීම බව විචාරකයින්ගේ මතයයි.

ෆියුෂියා ගැන විස්තර කරන ගූගල් ලේඛණවල, ෆියුෂියා බලසම්පන්න ප්‍රොසෙසර්, විශාල මතක ප්‍රමාණයන් හා වෙනත් උපාංග සවිකල ස්මාර්ට්ෆෝන, ටැබ්ලට් හා පරිගණක සඳහා නිර්මාණය කරන බව පවසනවා.

ෆියුෂියා OS එක කොයි විධිය වෙයිද කියලා තවම තොරතුරු නෑ. පහතින් දාලා තියෙන්නේ වෙබ් අඩවි කිහිපයක පලවුනු ෆියුෂියා OS එකේ අතුරු මුහුණතෙහි (user intwerface) දළ නිර්මාණය දැක්වෙන ස්ක්‍රීන් ෂොට්.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments