SELF DRIVING TECHNOLOGY : ටොයෝටා ප්‍රියස් / ටොයෝටා ලෙක්සස් - ස්වයං ධාවන තාක්ෂණය නිර්මාණ සමාගම්වල ජනප්‍රියම පරීක්ෂණ වාහන.


ස්වයං ධාවන තාක්ෂණය පිලිබඳ පර්යේෂණ පවත්වන සමාගම් අතර සාම්ප්‍රදායික මෝටර් රථ සමාගම් මෙන්ම සිය ගණනක් අධිතාක්ෂණික සමාගම් තිබෙනවා. ඇපල් හා ගූගල් මෙයින් විශාලතම අධිතාක්ෂණික සමාගම් වනවා.

සිලිකන් නිම්නයේ පිහිටා තිබෙන ඇපල්, ගූගල් ඇතුලු ස්වයං ධාවන තාක්ෂණ නිර්මාණ සමාගම් බොහොමයක් ටොයෝටා ලෙක්සස් ජීප් රථ හෝ ප්‍රියස් කාර් සිය තාක්ෂණය ප්‍රායෝගික පර්යේෂණ සඳහා යොදා ගන්නා බවට වාර්තා වෙනවා.

ඇයි ටොයෝටා වාහන ස්වයං ධාවන තාක්ෂණ සමාගම් අතර මෙතරම් ජනප්‍රිය?

සිලිකන් නිම්නයෙන් ලැබෙන තොරතුරු අනුව ටොයෝටා ප්‍රියස් හා ලෙක්සස් හයිබ්‍රිඩ් ජීප් තෝරා ගැනීමට හේතුව එම වාහන සියලුම පද්ධති ප්‍රධාන පරිගණකයට සම්බන්ධකොට ජාලගත කොට ඇති නිසාය. වාහනයේ පැට්‍රෝල් එන්ජිම, බැටරි, බ්‍රේක්, ආරක්ෂණ පද්ධති, මෝටර්, ඉන්වර්ටර් මෙන්ම සෙන්සර් සියල්ලම ප්‍රධාන පරිගණ පද්ධතියට සම්බන්ධකොට ඇති නිසා ස්වයං ධාවන පරිගණක පද්ධතිය මෝටර් රථයට සම්බන්ධ කිරීම පහසුය.

එමෙන්ම ටොයෝටා සමාගම සිය වාහනවල පද්ධති හා පරිගණකය එකිනෙකට සම්බන්ධ කරන්නේ අන්තර්ජාල දත්ත හුවමාරු ප්‍රෝටකෝල (internet protocols) වලට අතිශයින් සමාන ප්‍රෝටොකෝල මගිනි. ඒ අනුව පරිගණක ඉන්ජිනේරුවන්ට ටොයෝටා වාහන සමග වැඩ කිරීමෙදී ඉතා පහසුය.

එපමණක් නොව 2009 වසරේ ප්‍රියස් හයිබ්‍රිඩ් රථය ඇමරිකාවට හා යුරෝපයට හඳුන්වාදීමෙන් පසු, එම රටවල පරිගණක හා ඉලෙට්‍රොණික ඉන්ජිනේරුවන්, තමන් පෞද්ගලික පරිහරණයට මිළදී ගත් ප්‍රියස් රථවල පරිගණක පද්ධති හා මෘදුකාංග හැක් කරමින් ඒවායේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කොට ඇති අතර එවැනි පරිගණක හා ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවන් බොහෝමයක් සවයං ධාවන තාක්ෂණ සමාගම් වල සේවය කරන බැවින් ඔවුන් තමන් නිවැසේදී හැක් කොට ඇති ප්‍රියස් හා ලෙක්සස් රථ සිය පරීක්ෂණ සඳහා යොදා ගැනීමට ප්‍රිය කරනවා.










__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments