SMARTPHONES : ඇපල් අයිෆෝන් අලෙවිය කඩාවැටේ


නිරන්තරයෙන් වර්ධනය වන අළෙවි වාර්තා සපයන ඇපල් සමාගම ආයෝජකයින් හා කොටස් හිමියන් විස්මයට පත්කරමින් මේ කාර්තුවේ අයිෆෝන් අළෙවියේ කඩා වැටීමක් වාර්තා කලා. ඇපල් සමාගමේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන කොටස් වෙළඳපොල විශ්ලේෂකයින් අනුමාන කල අළෙවියට වඩා අයිෆෝන් මිලියන 1.5කින් අලෙවිය කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් ඇපල් සමාගමේ හිතෙශිවන්තයින් පවසන්නේ නුදුරේදීමෙ එලිදැක්වෙන ඇපල් අයිෆෝන් 10වැනි සංවස්තර  ෆෝනය මිළදීගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ ඇපල් අයිෆෝන් ලෝලීන් සිය මිළදීගැනීම් ප්‍රමාද කරන නිසා මේ අලෙවි අඩුවීම වාර්තාවන බවයි.

සම්ප්‍රදායක් ලෙස ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණ සැප්තැම්බරයේ එලිදක්වන අතර එසේ සිදුකරන්නේ නත්තල් සමයේදී සිය අලුත්ම නිර්මාණ මිළදීගැනීමට පාරිභෝගිකයින් උනන්දුකරවීමටයි.

IN CASE YOU MISSED;

S8

10වැනි සංවස්තර අයිෆෝනය සුපිරි නිපැයුමක් වනු ඇතැයි බොහෝ අයිෆෝන් ලෝලීන් බලාපොරොත්තු වෙතත් කොටස් වෙළඳපොල විශ්ලේෂකයින් පවසන්නේ ඇපල් සමාගම වෙනදාට වඩා සිය අලුත්ම අයිෆෝනයේ තිබියහැකි නවමු හැකියාවන් පිලිබඳව අඩුවෙන් කතාකරන බවයි. 

මීට පෙර ඇපල් සමාගම අලුත් නිර්මාණයක් එලිදක්වන්නට ආසන්නවන විට එම නිර්මාණය පිලිබඳ පාරිභෝගික අපේක්ෂාවන් වර්ධනය කිරීම සඳහා විවිධ ප්‍රකාශ නිකුත්කලත් මෙවර එසේ කිරීමෙන් වැළකී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

විශ්ලේෂකයින් පවසන්නේ මෑතකදී එලිදැක්වුනු සැම්සුන්ග් ගැලැක්සි S8 හා සසඳනවිට 10වැනි සංවස්තර අයිෆෝනය එතරම් සුපිරි නොවන නිසා ඇපල් සමාගම එම ෆෝනය පිලිබඳව අපේක්ෂා ගොඩ නැංවීමෙන් වැළකී සිටිනවා විය හැකි බවයි.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments