SOCIAL MEDIA : Instagram හා Snapchat වලින් දරුවන් බේරාගත යුතුයි!!!!


බ්‍රිතාන්‍යයේ Royal Society for Public Health (RSPH) ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, ළමා මානසික සෞඛ්‍යය සඳහා දැඩි බලපෑමක් ඇති කිරීමට ඉන්ස්ටග්‍රෑම් හා ස්නැප්චැට් යන සමාජජාල දෙක සමත්වී තිබෙනවා.

සමාජ ජාල මගින් වයස 14-24 අතර තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට සිදුකරන බලපෑම සොයා බැලීම සඳහා 1500ක නියැදියක් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයේදී මෙම කරුණු හෙලිවී තිබෙනවා.



ඉන්ස්ටග්‍රෑම් හා ස්නැප්චැට් වැනි සෙල්ෆි ඡායාරූප හුවමාරුව පාදක කරගෙන ඇති ජාල නිසා තරුණ තරුණියන් තම පෙනුම ගැන අනවශ්‍ය ලෙස කරදරවීම, අන්‍යයන්ගෙන් පැසසුම් ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගැනීම, තමන්ට වඩා අන් අය ආකර්ෂණීය බවට ඇතිවන විශ්වාසය නිසා ඇතිවන මානසික ආතතිය, අපේක්ෂා භංගත්වය, විෂාධිය මෙන්ම සෑම මොහොතකම ජංගම දුරකතනය පරීක්ෂාකරමින් , ප්‍රතිචාර දමමින් සිටීම නිසා අධ්‍යාපන කටයුතු අඩපනවීම මෙන්ම ව්‍යායාම අඩුවීමද විශාල ගැටලු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ලාබාල ගැහැණු දරුවන් පවා මෙම සමාජ ජාල වල ආකර්ෂණීය ලෙස සිටීමට දැඩි ලෙස රූපලාවන්‍ය ආලේපන වලට ඇබ්බැහි වීම, ආකර්ෂණීය වීමට අණතුරු දායක ලෙස ලිංගික ආශ්‍රයට යොමුවීම, කෙට්ටුවීම සඳහා ආහාර අවම කරමින් නිරාහාරව සිටීමද තවත් බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිකරමින් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments