TRUMPNOMICS : ඇපල් ෆෝන් වලට ඩිස්ප්ලේ ඇමරිකාවේ හදන්න සැරසෙන ඇපල් සගයා ෆොක්ස්කොන්


Foxconn Technology කියන්නේ ඇපල් සමාගමට එයාලගේ අයිෆෝන්, අයිපෑඩ් චීනයේදී අඩුමිලට හදලා දෙන ප්‍රධාන සැපයුම් කරුවන්ගෙන් කෙනෙක්. ෆොක්ස්කොන් වගේ චීනයේ ඇපල් නිෂ්පාදන එකලස් කරන සමාගම් නිසා තමයි ඇපල් සමාගම ලෝකයේ ධනවත්ම සමාගමක් වුනේ. ඇපල් සමාගමේ දැඩි තත්ව පාලන ප්‍රමිතීන් යටතේ සියුම් නිර්මාණ යථාර්ථයක් බවට පත්කරන්න ෆොක්ස්කොන් වගේ චීනයේ කර්මාණ්තාශාලා තියෙන සමාගම් දැඩි කැපවීමකින් ක්‍රියාකරනවා.

RELATED POSTS

TRUMPNOMICS : ඔබාමාට බෑ කිව් ඇපල් ට්‍රම්ප්ට හා කියයි

TRUMPNOMICS : ඉන්දියාවෙ සේවකයෝ ගෙදර යවලා ඇමරිකාවෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා ගන්න ඉන්දියන් සොෆ්ට්වෙයාර් කොම්පැණි පටන් ගනී.


දැන් ට්‍රම්ප්නොමික්ස් බලපෑම නිසා ඇපල් වලට වගේම ඇපල් සැපයුම් කරුවන්ටත් වෙනස්වෙන්න වෙලා. නොබෝදා ඇමරිකාවේ සංචාරයක නිරතවුනු ෆොක්ස්කොන් සභාපති හා ප්‍රධාන විධායක ටෙරී ගෞ කියා සිටියේ නුදුරේදීම තම සමාගම් ඇමරිකාවේ ඩොලර් බිලියන 7ක නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භකරන බවයි.

අයිෆෝන්, අයිපෑඩ් හා වෙනත් ඇපල් නිෂ්පාදන සඳහා කුඩා හා මධ්‍යම ප්‍රමාණ තිර නිෂ්පාදනය මෙහිදී සිදුකරන්නට ෆොක්ස්කොන් බලාපොරොත්තු වෙනවා.

Terry Gou - Foxconn Chairman/CEO





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments