OPERATING SYSTEMS : මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 අලුත්ම සංස්කරණයක් ලඟදීම


මයික්‍රොසොෆ්ට් සමාගම, සිය අලුත්ම වින්ඩෝස් 10 සංස්කරණය පිලිබඳ තොරතුරු පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 25) නිව්යෝර්ක් නුවර පැවැත්වූ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතය පිලිබඳ වැඩමුළුවකදී හෙලිකලා.

Windows 10S ලෙස නම්කොට ඇති මෙය ප්‍රධාන වශයෙන්ම පාසැල් හා වෙනත් කණිෂ්ඨ අධ්‍යාපන ආයතන සඳහා ඉලක්ක කොට නිර්මාණය කොට තිබෙනවා. S යනුවෙන් සිකියුරිටි හෙවත් වැඩි ආරක්ෂාව යන තේමාව යටතේ ඉහල ආරක්ෂාවක් ඇති, ප්‍රමාණයෙන් කුඩා, ඉතා ලාභ, අඩු මිළ පරිගණකවල පවා ධාවනය කල හැකි ලෙස නිර්මාණය කොට ඇති මෙම සංස්කරණයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ එය භාවිතා කරන ආයතනයේ පරිගණක පද්ධති කළමණාකරුවන්ට (IT Managers) තමන් කැමති ඇප් පමණක් Windows 10S ස්ථාපනය කල හැකි ලෙස සකසා ඇති සීමා කිරීම් හෙවත් "restrictions"ය.

සාමාන්‍ය වින්ඩෝස් භාවිතා කරන්නන් මෙවැනි සීමා කිරීම් වලට දැඩි අකමැත්තක් දක්වන නමුදු, පාසැල්වල දහස් ගණනක් සිසු සිසුවියන් භාවිතා කරන පරිගණක පද්ධතිවල එවැනි සීමා කිරීම අත්‍යාවශ්‍ය වන්නේ සිසුන්ට අනවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට ඇති ඉඩකඩ නැතිකිරීම පරිගණක පද්ධතියේ ආරක්ෂාවට වැදගත් නිසාය. ඒ අනුව වින්ඩෝස් 10S පද්ධතිය ස්ථාපනය කර ඇති පරිගණකවල ස්ථාපනය කල හැක්කේ එම පරිගණකයේ "Windows App Store" හි දක්වන ඇප්ස් පමණකි.


මේ අනුව මෙතෙක් කල් පාසැල්වල ජනප්‍රියව තිබූ ඇපල් අයි-පෑඩ් හා මැක්බුක් පද්ධතිත්, ඇපල් පද්ධතිවලට වඩා අඩුමිලට ඒ සමාන පහසුකම් ලබාදෙන ගූගල් ක්‍රෝම් බුක් පරිගණක පද්ධතිවලට තවත් අඩුමිල තරඟකරුවෙකු ලෙස මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 S ඉදිරිපත් වෙනු ඇත. දැනට වින්ඩෝස් පරිගණක භාවිතා කරන ඕනෑම පාසැලකට 10S නොමිලයේ ලැබෙන අතර දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම Asus, Acer, Dell, Fujitsu, HP, Samsung, Toshiba යන පරිගණක සමාගම් සමග 10S පද්ධතිය ස්ථාපනය කල අඩුමිල පරිගණක නිෂ්පාදනයට ගිවිසුම් ගසා ඇත. වාර්තාවන අන්දමට ඩොලර් 200කට අඩුවෙන් මෙවැනි වින්ඩෝස් 10S පරිගණක මාදිලියක් මිළදී ගැනීමට පුලුවන් වනු ඇත.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10S අඩංගු අඩුමිල පරිගණක නිෂ්පාදනයට ගිවිසුම් ගත සමාගම්








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments