WORLD RECORD : ටොන් 285ක් බර ජෙට් යානයක් ඇද ගිනස් පොතට ගිය පෝෂේ ජීප් එක.



පසුගිය අප්‍රේල් 21 වැනිදා, ප්‍රංශයේ චාර්ල්ස් ඩී ගෝල් ගුවන් තොටුපොලේදී අපූරු සිදුවීමක් වුනා. ඒ, පොර්ෂෙ කයර්න් මාදිලියේ ජීප් රථයක්, ටොන් 285ක් බර එයාර්බස් A380 යානයක් හැඟරයෙන් ඉවතට ඇදගෙන යාමට සමත්වීමයි.

V8 ටර්බෝ ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන පෝෂෙ කයර්න් රථයේ අශ්වබල නිපැයුම 385ක් වනවා. මීට පෙර මෙම වර්තාව තබා තිබුණේ 2013දී නිසාන් පැට්‍රෝල් ජීප් රථයක් ටොන් 170ක් බර ගුවන් යානයක් ඇදගෙන යාමෙන්. පෝෂෙ කයර්න් රථය මෙම වාර්තාව බිඳහෙලා මෝටර් රථයක් ඇදගෙන ගිය වැඩිම බර පිලිබඳව ගිනස් වාර්තාව තමන් සතුකර ගත්තා.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments